
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පිළිකා මර්දන ඖෂධ රැසක හිගයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ ගැටලුව ගැන රජය කඩිනමින් අවධානය යොමු කරන ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතල ඖෂධ හිගයක් ඇතිව තිබෙන නිසා රෝගී ජනතාව බරපතළ ගැටලු රැසකට මුහුණ දෙන බව ද විපක්ෂ නායකවරයා කීය.
රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම මේ ගැටලුව ඇති බවත් පිළිකා මර්දන බෙහෙත් සේම සෙසු ඖෂධ ද හිඟ නිසා කඩිනම් අවදානය යොමු කර මේ හිඟය මගහරවා ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

