අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස කුහරය ළඟින් කැ වැදුණු පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.
මෙලෙස ශල්‍යකර්මයට ලක්වී ඇත්තේ ඉමදුව කනංකේ කයිකාරගේවත්තේ පදිංචි පමෝදා ගිම්හානි නමැති දැරියකි. තමන් අඹ ගෙඩියක් කපා මේසය උඩ තැබූ පිහිය රැගෙන දිවගිය දියණිය ඇදවැටී පිහිය ඇස අසළින් ඇතුළට ගිය බව මව රෝහලේ දී කීවාය.
වෛද්‍යවරුන් පවසන්නේ ඇණුනු පිහිය එසේම තිබියදී දැරිය රෝහලට ගෙන ආ බවයි. පිහිය ඉවත්කිරීමට උත්සාහ ගත්තේ නම් දැරියගේ ජීවිතය අහිමිවීමට හෝ ඇය සදාකාලික ආබාධිත වීමට පවා ඉඩ තිබූ බව වෛද්‍යවරු කියති.
වෛද්‍ය දීපාල් අත්තනායක මහතා මෙසේ කීයයි.
ඇස් කුහරයෙන් ඇතුළට ගිය පිහිය මොළය දක්වාම ගමන්කර තිබුණා. පූර්ව මොළය කියන කොටසේ පතුලේ තමයි පිහියේ තුඩ තිබුණේ. මෙවැනි තියුණු පිහියක් හිස් කබලට ගමන් කිරීමෙන් මොළයේ රුධිර වාහිනී වලට හානි සිදුවිය හැකියි. නැතිනම් විෂ බීජ ඇතුළු විය හැකියි. බොහෝ විට සිදුවන්නේ මේ වගේ අනතුරකට පත්වූ දරුවෙක් මිය යාමයි. නැතිනම් සදාකාලික පෙනීම අහිමිවිමයි
ශරීරයේ එක් කොටසක් පන නැතිවීම හෝ වෙනත් ව්‍යාකූලතා ඇතිවිය හැකියි. අපි ඉතාමත් ඉක්මණින් ශල්‍යකර්මය සිදුකළා. ඒ වනවිට ඇසේ පේෂි හතෙන් දෙකකට හානි සිදුව තිබුණා. ඒ සියල්ලට පිළියම් කළා. දැන් දරුවා සුවය ලබනවා
දැරියගේ මව පවසන්නේ මෙවන් ශල්‍යකර්මයකින් සිය දියණිය බේරාගැනීමට කටයුතු කළ වෛද්‍යවරුන්ට ස්තූති කරන බවයි.