පිහිනුම් ක‍්‍රීඩිකා රෙෂිකාට හයවැනි ස්ථානය


ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරගාවලියේ මීටර 100 නිදහස් ආර (කාන්තා) ඉසව්වේ අද (1) පැවැති මුලික තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ හයවැනි ස්ථානයට පත්විය. ඒ අනුව ඇයට තරගාවලියේ ඉදිරියට යෑමේ අවස්ථාව අහිමි විය. මුලික වටයේ තරග හතක් පැවැති අතර එහිදී දෙවැනි මුලික තරගයට රෙෂිකා සහභාගි වුවාය.  ක‍්‍රීඩිකාවන් හත්දෙනකු අතරින් විනාඩි 1. තත්පර 04.93 කින් තරගය නිමකළ රෙෂිකා හය වැනි ස්ථානය ලැබුවාය. රෙෂිකා, මෙම ඉසව්ව නිම කළ හොඳම කාලය වන්නේ විනාඩි 1. තත්පර 03.76 වේ.