පාසැල් සිසුන් මත් වීමට භාවිතා කරණ බෙහෙත් පෙති දස දහසක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ දිල්ලි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු එයාර් ඉන්දියා ගුවන්සේවයට අයත් ඒ.අයි 275 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

