සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්‍යාජ අංකයක් සහිත සුදුවෑන් රථය හමුදාවට අයත් වෑන් රථයක් බව හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
මෙසේ ව්‍යාජ අංකයක් සවිකර ධාවනය කළේ ඇයිද යන්න හෙළිකර ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයිද එහි තිබූ පිස්තෝලය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති බවත් වසර 15 ක කාලයක සිට එය ඒ මහතා පරිහරණය කරන බවත් පැවසේ.
පිස්තෝලය රැගෙන යාමට අපහසු අවස්ථාවලදී එය ඔහුගේ නිල ආරක්ෂක නිලධරයා අතට පත් කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසීය.


