පිස්තෝලයක් රැගෙන ඩුබායි යන්න ආ ගුවන් නියමුවා අල්ලයි


 

 

ප්‍රසාද් මුතුකුඩ

 

බ්‍රිතාන්‍යයේ  නිෂ්පාදිත මි.මි 6.35  වර්ගයේ ස්වංක්‍රීය කුඩා පිස්තෝලයක් ජීව උණ්ඩයක් සහ මැගසීනයක් ගමන් මල්ලක සඟවාගෙන  ඩුබායි බලා  පිටත්වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පියාසර ගුවන් නියමුවෙකු අද (6) කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ  විසින්  අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය  පවසයි .

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු  සැකකරු 55 වියැති  රාජගිරිය පදිංචිකරුවෙකි.  මොහු මින් පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  නියමු  කපිතාන්වරයකු  ලෙස සේවයේ නියුතුව සිටි අයෙකි. 

ඔහු දැනට කෙන්යා ගුවන් සමාගමක රට අභ්‍යන්තර ගුවන් නියමු කපිතාන්වරයකු ලෙස  සේවයේ  යෙදෙන බවට  පරික්ෂණ වලින් සනාථ වී ඇති බව  පොලීසිය කියයි.

සැකකරු සතුව තිබු ගමන් මල්ල කටුනායක ගුවන්තොටුපළ අවසන් දොරටුව අසල ඇති ස්කෑන් යන්ත්‍රයට යොමු කිරීමේදී  පොයින්ට් 2.2  උණ්ඩ යෙදවිමට හැකි මෙම ගිනි අවිය මැගසීනය සහ  ජීව  උණ්ඩය  සොයා ගෙන තිබේ.