
( කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ මුදු 36 ක් සහ පෙන්ඩනට් 48 ක් ද කොල්ලකරුවන් විසින් කොල්ලකා පලා ගොස් ඇත.
එම කොල්ලයට පැමිණි සැකකරුවන් භාවිතා කල යතුරු පැදිවල ව්‍යාජ අංක තහඩු භාවිතා කර ඇති බවට මේ වන විට තොරතුරු අණාවරනය වි ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

