පිස්තෝල පුරපති අත්අඩංගුවට


හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

2014 මාර්තු මාසයේ සන්ධාන අපේක්ෂකයකුට පොලිසියේ දී පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයකු පැහැර ගත්තායැයි ඔහුට එරෙහිව පැමිණිලි කැරඇත.

ගිය වසරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ බැලීමට ගිය අවස්ථාවේ පිස්තෝලයක් ගෙනවිත් තර්ජනය කිරීමේ සිද්ධියට ඔහු සම්බන්ධ වී සිටියි.

සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ පරීක්ෂණ ඔස්සේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.