මැනිලා නුවර ඇතුළුව පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල සරම්ප රෝගය වසංගත තත්ත්වයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි වාර්තා වේ.
ජනවාරි මාසයේදී රෝගින් 1813ක් හා මරණ 26ක් වාර්තා වී ඇති අතර මෙය 2018ට වර්ෂයට වඩා සියයට 74ක වැඩිවීමක් බව බලධාරීහු පවසති.
කැස්ස හා කිවිසීම මගින් බෝවන රෝගයක් වන සරම්ප ළමයින්ට හා ළදරුවන්ට මාරාන්තික වේ.
මැනිලා හා ලූසන් නගර වලට පනවා තිබූ වසංගත තත්ත්වය පිලිපීනයේ අනෙක් ප්‍රදේශ කරා දීර්ඝ කිරීමට බලධාරීන්ට සිදුවූයේ රෝගීන් වාර්තා වීම වැඩි වූ හෙයිනි.
ප්‍රතිශක්තීකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යන නමුත් දරුවන් මිලියන 2.4ක් එන්නත් ලබාගෙන නැතැයි සෞඛ්‍ය බලධාරීහු වාර්තා කරති.
(බීබීසී ඇසුරිනි - 085)