පිලිපීන කෙල්ලගෙ මල්ලෙන් කොකේන් පනී


රුපියල් කෝටි හතර හමාරක් පමණ වීදි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ තුනක් හොරෙන් ගෙන ආ පිලිපීන රූමතියක සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. හතලිස් දෙවැනි වියේ පසුවන ඇය බ්‍රසීලය හා කටාර් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ මීට පෙර තෙවතාවක්ම බැංකොක් බලා ගොස් ඇතැයිද රේගුව කියයි.