පිලැන්ඩර් ශී‍්‍ර ලංකා පිල අසරණ කර දමයි By None // 2011 දෙසැ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිය ටෙස්ට් දිවියේ පළමු වතාවට ටෙස්ට් තරගයකදී කඩුලූ 10 ක් දවාගත් වර්නන් පිලැන්ඩර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවමින් සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. මෙම තරගයේදී ලද ජයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය. පළමු ඉනිමේදීම අසාර්ථක වූ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 231 ක ඉලක්කයක් කරා යාමේ අභියෝගයක් ලැබිණ. එහෙත් ලකුණු 37 ක් තුළදී ඉදිරි පෙළ කඩුලූ හතරක්ම අහිමි කරගත් ශී‍්‍ර ලංකා පිලට අඩුතරමේ සිව්වැනි දිනය දක්වාහෝ තරගය ගෙන යා නොහැකි විය. මහේල ජයවර්ධන, ලකුණු 15 ක් ලබා සිටියදී ජැක් කලිස්ගේ පන්දුවක් හමුවේ සිය 10,000 වැනි ටෙස්ට් ලකුණු කරා දිවගියද, සැණෙකින් ඉදිරියට දිවැවිත් පන්දුව අහුළාගත් කලිස් එය පන්දු යවන්නාගේ අන්තයට දමා ගැසුවේ මහේලගේ ගමන ලකුණු 9999 න් නතර කරමිනි. වේග පන්දු යවන්නන්ට අගනා සහයෝගයක් දුන් කඩුලූ රකින කී‍්‍රඩක මාක් බවුචර්, ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී උඩපන්දු හයක් රැකගනිමින් ශී‍්‍ර ලංකා පිල ලකුණ 150 කට සීමා කිරීමට විශාල මෙහෙවරක් කළේය. ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ යම් තරමකට හෝ කෙලින් සිටියේ තිලාන් සමරවීර (32) සහ පසුපෙළ පිතිකරුවන් පමණි. කෞෂාල් සිල්වා (17), තිසර පෙරේරා (21) සහ රංගන හේරත් (23) කෙතෙක් උත්සාහ කළද ඉනිමක පරාජයෙන් ගැලවීමේ ඉසව්ව කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන යා නොහැකි විය. තරගය පුරාම ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ වර්නන් පිලැන්ඩර් දෙවැනි ඉනිමේදීත් ලකුණු 49 කට කඩුලූ 5 ක් දවාගත් අතර මෙම තරගයේදී ලකුණු 102 කට කඩුලූ 10 ක් බිඳ දැමීය. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත