පිල්ලේගේ දිෂ්ටියට පකිස්තානෙන් බේත්


එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍රලංකාවට එරෙහිව නඟා ඇති මානව හිමිකම් කඩවීමේ චෝදනා හා යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා හමුවේ ශී‍්‍ර ලංකාව කටයුතු කළ යුත්තේ කෙසේදැයි අවැසි උපදෙස් ලබා ගැනීමට ප‍්‍රකට පකිස්තාන නීතිඥයෙකුගේ සහය ලබා ගැනීමට රජය සැරසේ.

70 හැවිරිදි අයිට්සාස් අහ්සාන් නම් වන මෙම නීතීවේදීයා  නීතී කටයුතු සම්න්ධයෙන් විශාරදයෙක් ලෙස සැළකේ.

ඔහු ජනපති මහින්ද රාජපක්ෂ පකිස්තාන අගමැති නවාස් ෂරීෂ්ගෙන් කළ ඉල්ලීමකින් පසු ඔහු පසුගිය සතියේ ශී‍්‍රලංකාවට පැමිණියේය.

1999 වසරේ පකිස්තානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ් ගමන් කරමින් සිටි ගුවන් යානයක් පැහැරගැනීමට තැත් කළේයැයි දැන් සිටින පකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්ට චෝදනා නැගෙද්දී ඔහු ආරක්ෂා කළේ අයිට්සාස් අහ්සාන්ය.

අහ්සාන් ශී‍්‍රලංකාවට උපදෙස් දී ඇත්තේ විශේෂ සැසිවාරයක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පොළඹවන ලෙසයි.එම සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව තම සහයට තවත් රටවල් දිනා ගත යුතු වන බවත් එයින් පසු සාර්ථකව නැගී ඇති චෝදනා පත‍්‍රය හමුවේ ආරක්ෂාව සළසා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු කියා ඇත.

මෙසේ විශේෂ සැසිවාරයක් කැඳවීමට ශී‍්‍රලංකාවට දැනටමත් සහය පළ කර ඇති රටවල් 12 හි සහය මෙන්ම තවත් රටවල් 4 ක සහය අවැසි බව ඔහු පවසා තිබේ.

මෙනිසා ප‍්‍රථමයෙන් තවත් රටවල් 4 ක විශ්වාසය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව කටයුතු කළ යුතුව ඇතැයි ඔහු උපදෙස් දී ඇත.

පසුගිය මාර්තු මාසයේදී සම්මත කරගත් යෝජනාවලියකට අනුව ශී‍්‍රලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීමට මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරමින් සිටී.මේ සදහා වන පරීක්ෂණ මණ්ඩලය නියෝජනය කරනු ඇත්තේ කවුරුන්දැයි දන්වා නුදුරේදීම නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.