
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (03) එහි පොලිස් ඒකකය හමුවට පැමිණියේය.
මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා 2005 වසරේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. ඔහු මේ වන විටත් වසර 5කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගර ගත කර සිටින අතර මෙවර මහමැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ ඔහු අද කොමිසම හමුවට පැමිණියේය.


