පිලවල සියඹලාව මළගමට අත වනයි


මහනුවර කුණ්ඩසාලේ ගලපිට අඹේ පිලවල ගමේ පිහිටි ඓතිහාසික සියඹලා ගස මැරි යාමේ අවදානමක්  ඇතිවි තිබෙන බව ගැමියෝ කියති

විවිධ දැන්වීම් එල්ලීම  සඳහා  යකඩ ඇණ මෙම වෘක්ෂයට ගැසීම මෙම තත්වයට ප්‍රධාන හේතුව වු බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම ගස වසර 300ක් පැරණි බවද  ද දුම්බර මිටියාවතට අධිගෘහිතවු නාථ දෙවියන් ද මෙම සියඹලා රුක මුල  ගිමන් හල බවද ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජුගේ මල් උයන මෙම වෘක්ෂය අසලින් තිබු බවදයේ කියැවේ.

මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙම වෘක්ෂය සංරක්ෂණය කිරිමට කටයුතු කර ඇති බවට දැන්වීම් පුවරුවක් ද මේ අසළ ඇත.

 

 aa bb cc dddd