පිරිසිදු පොල් තෙල් දිවියට ඔසුවක්


(දයාසීලි ලියනගේ)

හෘදරෝග,අංශ භාගය ප්‍රතිශක්තී කරණය වැඩිකිරීම ස්නායු පද්ධතිය හම, දත්, හා නිය ආරක්ෂා කිරීමට පිරිසිදු කලවම් නොකළ පොල්තෙල් ඔෂධීය ආහාරයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ලෝකයේ සුපිරි ආහාරයක් ලෙසට ඉතා පිරිසිදු පොල් තෙල් හදුන්වනු ලබන අතර නෙදර්ලන්තය ජර්මනිය වැනි රටවල් වැඩි වශයෙන් පොල්තෙල් පරිභෝජනය කරනු ලබන බවද වෛද්‍ය පාදෙණිය මහතා පවසයි.

පාරම්පරික සිංහල හාලේ බත පොල් සම්බෝලය හා කතුරුමුරුංගා කිරිහොද්ද ඉතා අඩු මිලකට පිළියෙල කර ගත හැකි ඉතාම සමබර ආහාරයක් බවද ඒ මහතා සඳහන් කරයි.