පිරිවෙන් සිසුන්ට නිල ඇඳුම් නෑ


2015 අධ්‍යයන වර්ෂයේ දෙවැනි වාරයද ගෙවී යාමට  ආසන්නව තිබියදීත් පිරිවෙන් සිසුන් සඳහා  ලබාදෙන නිල ඇදුම් මේ දක්වා  ලබා දී  නොමැති බව ලංකා  පිරිවෙන්   ගුරු සේවා සංගමය චෝදනා කරයි.

දෙවන වාරය නිම වීමට පෙර  සියලු  පිරිවෙන් සිසුන්  සඳහා  නිල ඇඳුම් ලබාදෙන මෙන් ඉල්ලා  සිටින බවත්  අධ්‍යයන වාර දෙකක් ගෙවීයන තෙක් පිරිවෙන්  සිසුන්ගේ නිල ඇඳුම් ලබාදීම පිළිබඳව දැක්වු තම දැඩි  විරෝධය පළ කර සිටින බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ වැඩ බලන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු  කරමින් පවසා සිටියේය.