පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

එප්පාවල නගරයේ නවාතැන්පොළක 13 හැවිරිදි පිරිමි දරැවන් දෙදෙනෙකු සමග සැක කටයුතු ලෙසට නවාතැන් ගෙන සිටි 51 හැවිරිදි ක්‍රීඩා  ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.

මෙම පාසල් ගුරුවරයා ඔහුගේ පාසලේම අධ්‍යාපනය ලබන 08 වැනි ශ්‍රේණියේ 13 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සදහා රැගෙන යන බව දෙමාපියන්ට පවසා දරුවන් සිය නිවෙස් වලින්  රැගෙන විත් ඇති බව පොලිසිය කියයි.

දරුවන් දෙදෙනා නැවත නිවෙස් වලට නොයවා සැකකාර ගුරුවරයා එප්පාවල නගරයේ පිහිටි නවාතැන් පොලක 28 වැනි දින රැදි සිටියදි නාදුනන පුද්ගලයෙකු විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.දරුවන් දෙදෙනාද පොලිසිය සිය බාරයට ගෙන තිබේ.