විනය පරීක්ෂණයක් පැවැත්වෙන කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පරීක්ෂණය අවසන්වනතුරු ඉවත් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.
ඔහු ගාල්ලේ පාසලක සිටිය දී කළැයි කියන සිද්ධී කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් නිකුත් කර විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, බ්‍රහස්පතින්දා (29) එම විනය පරීක්ෂණය නැවත කැඳවූ අවස්ථාවේ හිටපු අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සාක්කි දුන් බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
රාජ්‍ය සේවා කොමිසමෙන් නව විදුහල්පතිවරයකු පත් කර ඔහුට වැඩ බාර දෙන්නැයි කිහිප විටක්ම දැනුම් දී තිබිය දී එම නියෝග නොතකා හැරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ඇති බව ද, වැඩ තහනම් වූ ඔහු මාස කිහිපයකින් පසු නැවත සේවයේ පිහිටුවා ආනන්දයේ විදුහල්පති ලෙස පත් කර ඇති බව ද, මේ වන විට ඔහුගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න මතුවී ඇති බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
ආනන්ද විද්‍යාලයයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධිය ගැන ද විමර්ශනයක් කරන්නැයි ගුරු සංගමයේ ලේකම් ඉල්ලයි.

