පියාඹමින් සිරි බලන්න


ලංකාවේ සිරි නැරැඹීමට සැහැල්ලු ගුවන් යානා හඳුන්වා දීමේ උත්සවයක් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. කොළඹ ‘ස්කයි ක්ලබ්‘ ආයතනය මේවා හඳුන්වා දුන්නේය. එක් අයකුට ද  දෙදෙනකුට ද, ගමන් කළ හැකි යානා  දෙවර්ගයකි. පෙබරවාරියේ සිට ගමන් මෙහි අරඹයි. අඩි අට දහසක් උඩට යා හැකිය. වේගය පැයට කිලෝමීටර 40කි. ඉන්ධන ලීටර පහකින් පැය දෙකහමාරක් පියාසර කළ හැකිය.