(අශෝක තිලකරත්න )
පියා පැදවූ වෑන් රථයෙන් බිමට වැටී එම වෑන් රථයටම යටවීමෙන් අවුරුදු තුනහමාරක් වයසැති දැරියක් අද (3) තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව වීරකැටිය පොලිසිය පවසයි.
වෑන් රථය පසුපසට ධාවනය කරන විට එහි දොර ඇරී දැරිය බිමට වැටී රෝදයකට යට වී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

