හිරාන් ප්‍රියංකර ජයසිංහ
මාරවිල පොලිස්ථානයට කඩා වැදි කලහාකාරි ලෙස හැසිරුනු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු 27 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද ( 22 ) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කලේ නාත්තන්ඩිය මයිලෑව පදිංචි වව්නියාව හා කිලිනොච්චිය යුද හමුදා කදවුරු වල සේවය කරන යුද හමුදා සෙබලෙකු හා සාජන් මේජ්ර් වරයකු ලෙස සේවය කරන සහෝදරයින් දෙදෙනෙකී.
එම සැකකාර යුද හමුදා සාමාජීක අයියා මලේ දෙදෙනා 21 දින රාත්‍රියේ මාරවිල පොලිසියට කඩා වැදි ඇති බව කියයි.
එසේ පොලිසියට කඩා වැදුන මොවුන් පුද්ගලයකුට පහර දිමක් සම්බන්ධව මාරවිල පොලිස්ථානය මගින් අත්ගෙන පොලිස් භාරයේ සිටින තම පියා නිදහස් කරන ලෙසට කළහකාරි අයුරින් හැසිරි ඇති බව කියයි.
පොලිසිය පවසන්නේ අධික ලෙස බිමතින් සිටි මෙම සැකකාර යුද හමුදා සාමාජීකයින් දෙදෙනා ඉතා අශෝභන අයුරින් හැසිරි පොලිස්ථානය තුල තිබු විදුලි පංකාවක් හා මහජනතාවට පානිය ජලය ලබා ගැනිමට තිබු ජල පෙරණයටද හානි කර ඇති බවයි .

