
(ප්‍රියාණි මංගලිකා )
කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයේ යතුරු පැදියෙන් තම කුඩා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යමින් සිටි පුද්ගලයකුට අද(25) මාර්ගයේ සිටි දළ ඇතෙකු හමුවී ඇති අතර, ඔහු දරුවන් සමග දිව ගොස් දිවි බේරාගෙන ඇති බව වනජීවි නිලධාරීහු සඳහන් කරති.
ඔහු පෙරළා දමා ගිය යතුරු පැදියට දළ ඇතා පහර දී අලාභ හානි කර තිබිණි.
නුගන්නෝරුව පාසලට දරුවන් දෙදෙනා රැගෙන යමින් සිටියදී දළ ඇතා මාර්ගයේ වංගුවකදී මුහුණට මුහුණ හමුවී තිබිණි. වහා ක්‍රියාත්මක වූ පියා යතුරු පැදිය පෙරළා දමා, දරුවන් දෙදෙනා ද ඇදගෙන බොහෝ දුරක් දිවගොස් දිවි බේරා ගෙන ඇත.
මෙම දළ ඇතා අද දින රාත්‍රියේදී ප්‍රදේශයෙන් පලවා හැරීමට පියවර ගන්නා බව වනජීවි අංශ වැඩිදුරටත් සඳහන් කළේය.

