ඉන්දිකා රාමනායක
නාවික හමුදාවේ නව මාණ්ඩලික ප‍්‍රධානි වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇති බව නාවික හමුදාව කියයි.
නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඊයේ (1) නාවික හමුදාවෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් හිස් වූ එම තනතුරට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පියල් ද සිල්වා මහතා පත්කර තිබුණි.
1964.7.14 දින උපත ලබා ඇති පියල් හරිස්චන්ද්‍ර සිල්වා මහතා 1984.1.11 වැනි දින නාවික හමුදාවට එක්ව ඇති අතර 1985.2.11 දින අධිකාරියට පත්ව ඇත.
වසර 34 ක සේවා නාවික හමුදා සේවා කාලයක් සපුරා ඇති පියල් සිල්වා මහතා විවිධ නිල තල හොබවමින් නාවික හමුදාව වෙනුවෙන් ස්විශේෂිය මෙහෙවරක් ඉටුකළ දක්ෂ නිලධාරියෙකි. ඔහු දක්ෂ කිමිදුම්කරුවෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියි. නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වශයෙන් පත් කිරීමට පෙර ඒ මහතා නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළේය.
රට වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන් වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම,රණශූර, උත්තමසේවා යන පදක්කම් වලින් ඒ මහතා පිදුම් ලබා ඇත.
පුතුන් දෙදෙනකුගේ පියෙක් වු ඒ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙකි.

