පිය - පුතු වලිය මෝටර් රථ දෙකෙන් වන්දි ගෙවලා


(ඉන්දිකා රාමනායක)

බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා අතර ඇති වු අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවු මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී අද අලුයම මුහුණට මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් වාහන දෙකට අලාභ හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.

පියා (53) හැවිරිදි බෝට්ටු හිමි ව්‍යාපාරිකයකු - බවත් පවුල් ආරවුලක් මුල්කරගෙන ඔහු දරුවන් හා බිරිද සමග අමනාපයෙන් සිට ඇති බව පොලිසිය පවසයි.

පියා පයාගල සිට මෝටර් රථයෙන් අද අලුයම 1.30 ට පමණ බේරුවල නගරයට පැමිණෙන් සිටියදි හා පුතා  බේරුවල සිට පයාගල දෙසට ගමන් කරමින් සිටියදි මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

දෙදෙනා පැදවු මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී හමුවීමත් සමග වාහන දෙකක එකට හප්පාගෙන ඇති බවත්, පුතා විසින් පියා සමග බහින් බස් වී ඔහුට පහර දුන් බවට ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පියා විසින් තමා පැදවු මෝටර්ථයට පුතා විසින් ඔහුගේ වාහනය හැප්පා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධියට මුල් වු වාහන දෙක පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.