(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 48 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (23) රාත්‍රීයේ නිවේදනය කළේය.
එම විදේශිකයින්ගෙන් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 14 දෙනෙකු හඳුනාගෙන නැතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බංගලාදේශ ජාතිකයකු, චීන ජාතිකයන් දෙදෙනෙකු, ඉන්දීය ජාතිකයන් දසදෙනකු, ඩෙන්මාර්ක ජාතිකයන් තිදෙනකු, ජපාන ජාතිකයකු, නෙදර්ලන්ත ජාතිකයකු, පෘතුගාල ජාතිකයකු, සෞදි අරාබි ජාතිකයන් දෙදෙනකු, ස්පාඤ්ඤ ජාතිකයකු, තුර්කි ජාතිකයන් දෙදෙනකු, බි්‍රතාන්‍ය ජාතිකයන් හයදෙනකු, ඇමරිකානු සහ බි්‍රතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි දෙදෙනෙකු සහ ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශීකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට හඳුනාගෙන ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.
තවත් විදේශිකයින් 14 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැති අතර ඒවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මේ අතර බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ විදේශීකයින් සංඛ්‍යාව 16 දෙනකු කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි.

