පිනුම් කටුස්සා හෙවත් යක් කටුස්සා


ඕස්ටේ‍්‍රලියාවේ කැන්ගරුවාගේ ගමන් විලාසයට සමාන වූ ගමනක් ඇති මෙරටට ආවේණික කටුස්සෙක් ශී‍්‍ර ලංකාවේ සිටියි. ක්‍්බට්රදද ඛස‘්රා ලෙස ඉංගී‍්‍රසි භාෂාවෙන් හඳුන්වන මේ සත්ත්වයා ලංකාවේ සෑම ප‍්‍රදේශයකම පාහේ ඉතා සුලභව දක්නට ලැබෙන කටුසු වර්ගයකි. පිනුම් කටුස්සා හෙවත් යක් කටුස්සා ලෙසද හැඳින්වෙන මේ කටුස්සා විද්‍යාත්මකව  ඕටර්ක‍්‍රිප්ටිස් වයිග්මානි ධඑදජරහචඑසි අසැටප්බබස ලෙස නම්කැර ඇත්තේ 1830 වර්ෂයේදීය. පිනුම් කටුස්සා කොළ රොඩු අතර ජීවත් වන, උස් ගස් වලට නොනගින, ඉස්සරහ කකුල් දෙක ඔසවාගෙන පිටුපස කකුල් දෙකෙන් පමණක් දිවයන දුඹුරු පැහැති සතෙකි. අංජන සිල්වා හා කළණ මාදුවගේ යන සත්ත්ව පර්යේෂකයන් දෙදෙනා රටේ විවිධ ස්ථානයන්ගෙන් ගන්නා ලද පිනුම් කටුස්සාගේ නිදර්ශක සියයක් පමණ පරීක්ෂා කරන ලද්දේ එම කටුස්සා පිළිබඳ අධ්‍යයනයක් කිරිමේ අපේක්ෂාවෙනි. කටුසු නිදර්ශක පරීක්ෂා කළ ඔවුන්ට පෙනී ගියේ මෙම නිදර්ශක අතරින් ඇතැම් කටුස්සන්ගේ පිටුපස පාදයේ පස්වැනි ඇ`ගිල්ල එම විශේෂයේම වෙනත් කටුස්සන්ගේ එම ඇ`ගිල්ලට වඩා තරමක් දිගින් වැඩි බවයි. පිරිමි සතුන්ගේ පමණක් ගෙලට පහළින් පැහැදිලි කෝෂයක් පිහිටා ඇත. මෙම කෝෂයේ ලපයක් දක්නට ලැබේ. කටුසු නිදර්ශක සියුම්ව පරීක්ෂා කළ විට පෙනී ගියේ පාදයේ ඇ`ගිල්ලක් දිගින් වැඩි කටුස්සන්ගේ එම ලපය රතු පැහැයෙන්ද ඇගිල්ලක් කොට කටස්සන්ගේ එම ලපය කළු පැහැයෙන්ද දිස්වේ. එම සතාගේ විශේෂ දෙකක් ජීවත් සිටියි. රොහාන් පෙතියගොඩ මහතාගේ මග පෙන්වීම යටතේ අංජන සිල්වා මහතා හා එම්.එම්. බාහීර් මහතා මෙම විශේෂ දෙක වෙන් වෙන්ව නම් කිරීමේ කාර්ය ආරම්භ කළහ. ඔවුන් මෙම සුවිශේෂී ලක්ෂණ දුටු සත්ත්ව නිදර්ශක පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ පාදයේ ඇ`ගිල්ල දිගැති හා රතු ලපය දරණ සියළුම කටුස්සන් ලංකාවේ තෙත් කලාපයේ ස්ථාන වලින් ලබාගත් සත්ත්ව නිදර්ශක බවයි. පාදයේ පස්වැනි ඇ`ගිල්ල කෙටි හා කළු ලපය දරණ නිදර්ශක සියල්ල වියළි කලාපයේ විවධ ස්ථානයන්ගෙන් අල්ලාගත් සතුන් විය. 1830 දී  ඕටර්කි‍්‍රප්ටිස් වෙයිග්මානි ධඑදජරහචඑසි අසැටප්බබස ලෙස නම් කළ කටුස්සා ඇගිල්ල දිගැති රතු ලපය සහිත තෙත් කලාපීය සතෙකි. කළු පැහැති ලපයක් ඇත යන තේරුම දෙන ලතින් වචනයක් උපයෝගීකරගෙන වියළි කලාපයේ කටුසු විශේෂයට  ඕටර්කි‍්‍රප්ටිස් නිග්රිස්ටිග්මා ධඑදජරහචඑසි බසටරසිඑසටප් ලෙස 2005 වර්ෂයේදී නම් කරන ලදී. මෙම විශේෂ දෙකම ලංකාවේ ඒ ඒ කලාපයන්ට ආවේණික විශේෂයන්ය. ඡුායාරූප