පින්නදුව-ඉමදූව යළි අරියි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රන්ගොඩ කන්ද නාය යාම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටස වාහන ධාවනය සඳහා අද (13) සවස 6 සිට  විවෘත  කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.ඊ.එස් වීරකෝන් මහතා පැවසීය

ඉකුත්11 වැනිදා රාත්‍රියේ දී  මෙම කන්ද නාය යාම හේතුවෙන් පින්නදුව සහ ඉමදූව අතර වාහන ධාවනය  තාවකාලිකව නවතා දැමිනි

කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු දෙකක් පමණක් දෙපසටම ගමන් කළ හැකි පරිදි වාහන ගමනාගමනය සඳහා විවෘත කරනු ලබන බවත් දකුණු පස මන්ත්‍රීවරු 2 මංතීරු දෙක තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය