පින්තූර මැකුවාට වන්දි ඉල්ලයි


මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පිරික්සීමට කතරගම විශ‍්‍රාම ශාලාවට රජයේ රසපරීක්‍ෂක ගිය අවස්ථාවේ ගත් ඡායාරූප දෙකක් ද තමාගේ වෙනත් ඡායාරූප රැසක්ද දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ අණ පරිදි බලහත්කාරයෙන් මකා දමන ලදැයි කතරගම ”ලංකාදීප” වාර්තාකරු එම්.කේ. නන්දසේන, ජනපතිටත්, පොලිස්පතිටත්, මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් තම කැමරාව උදුරාගත් සහකාර පොලිස් අධිකාරීවරයකු එහි තිබූ රාජ්‍ය උත්සව රැසක හා ගම්වැසියන්ගේ අවමගුල් උත්සව ඇතුළු නැවත ගත නොහැකි ඡායාරූප රැසක් මකා දැමූ බව කියන නන්දසේන මහතා තමාට වූ අලාභය රුපියල් ලක්‍ෂ දහයක් බවත් මේ ගැන නිසි පරීක්‍ෂණයක් පවත්වා වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලයි.