රුපියල් කෝටි අට හමාරක් වටිනා කෝකේන් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සිය හැත්තෑ අටක් කතන්දර පොත් කවරවල සගවාගෙන පේරු රාජ්‍යයේ සිට මෙරටට ආ යුරෝපීය කාන්තාවක්(39) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ඇයගේ ගුවන් ගමන් විස්තරය පරීක්ෂා කිරීමේදී ඇය පේරු රාජ්‍යයේ සිට බ්‍රසීලයට පැමිණ ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වු බවයි. ඇයගේ ගමනාන්තය ශ්‍රී ලංකාවේ සිට මලයාසියාවේ ක්වාලාලම්පුර් නුවර හරහා කම්පුචියාවට යාම බවත් ඔහු කීවේය.
ඇය ලග තිබී කොකේන් පාර්සල් අටක් සොයාගෙන ඇති අතර එම පාර්සල් ෆැක්ස් රෝල් සහ කතන්දර පොත් පිටකවර තුලට බහා තිබූ බවත් රේගුව කියයි.
රේගු මධ්‍යම විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාට ලැබුන තොරතුරක් මත ඇය අද එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු මධ්‍යම විමර්ශණ ඒකකයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ උපදෙස් මත රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මිහිර පියරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එල්.කේ.එච්.ඩී.කේ අරේවත්ත, ඩී.යු ජයසිංහ, ආර්.එන්.සී වීරසිංහ, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ආර්.ඒ.ඩී ප්‍රසන්න, සහකාර රේගු අධිකාරීවරුන් වන බුද්ධි ද සිල්වා, එල්. ඩබ්ලිව් රූපසිංහ සහ රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරීවරන්වන නුවන් අබේනායක, ශ්‍රී ලාල් විෙජ්වර්ධන, සචින්ත කළු අග්ගල, එස්.ඒ.බී ආර්න්ඩ්, කේ.ඒ.ආර්.එල් ආරියසේන, ටී.පී.බී අමුණගම, ජී.ෙජ් සේනාරත්න යන නිධාරීහු සිදු කරති.
රේගුව විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකාරිය සමග අදාල කොකේන් තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්්‍යංශය වෙත බාර දීමට නියමිතව තිබිණි.




