පින්තාරු බාස්ගේ නිවෙසින් යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය


(එම්.සුසිල් පියන්ත)

ඌරගස්මංහන්දිය යටගල අනුරාධගම  නිවසක තිබී යුද හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇදුම් ඇතුලු භාණ්ඩ තොගයක් ළග තබා ගත් අයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

ඌරගස්මංහන්දිය පොලිසියේ අපරාධ අංශයේ නිළධාරින්ට සැකකරු ළග මත් පෙති ඇතැයි යන්න ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මේ දවය තොගය සොයා ගෙන තිබේ.

එහිදී එම නිවස සෝදිසි කිරිමේදි නිවස තුල තිබී සංග්‍රාමික කැලෑ නිල ඇඳුම් 01 ක්, පූචස් 01ක්, පුහුණු බෝම්බ කප් 02 ක්, ටී56 නෝස් 05 ක්, ආර්.පී.එම් නෝස් 01ක්, රම්බෝ පිහියකට සමාන සාධන ලද පිහි 01 ක් අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.