පින් කෙත හෙළ රන් දෙරණේ


මෙරට සංගීත කලාවට අනුපමේය මෙහෙයක් සිදු කළ ‘හෙලයේ මහා ගාන්ධර්වයා‘ යන නාමයෙන් හඳුන්වන පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ 85 වැනි ජන්ම දිනය අද (5)යි. ඔහුට සුභ පැතීම සඳහා සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක මහතා අද උදෑසන 6.30ට ඔහු පදිංචි නාවින්න පතිරගොඩ නිවසට ගියේය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උපන්දින කේක් ගෙඩියක්ද තෑගි බෝගද රැගෙන ආවේය. පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ විමලාගේ උපන්දිනය ද අද දිනටම යෙදී තිබීම විශේෂත්වයකි. මාධ්‍යෙව්දීන් ඇතුළු කලා කරුවන් ඉදිරියේ දෙදෙනාම කේක් ගෙඩිය කැපූහ. උපන් දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම අමරදේවට සුබ පැතීය. තම සංගීත මෙහෙවර ඉදිරියට කැරගෙන යන බව අමරදේවයෝ කීහ.