පිදුරු කවන්න හදයි


අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමට එජාප මන්ත්‍රීන් රැගෙන ආ බරබාගේ ගොනාට කැවීමට සන්ධාන මන්ත්‍රීන් ගෙන ආ පිදුරුවලින් ටිකක් අතට ගත් එජාප මන්ත්‍රී අජිත් ආනන්දද සොයිසා මහතා සංධානයේ සභාපති දයාරත්නද සිල්වා මහතාට එයින් ටිකක් කැවීමට උත්සාහ ගත්තේය. සන්ධාන මන්ත්‍රීවරුද එජාප මන්ත්‍රීවරුන්ට පිදුරු කැවීමට උත්සාහ කළ නමුත් ඔවුහු තැන තැනට පනිමින් එය වළක්වා ගත්හ.