පිත්තෙන් පහර දී මිතුරා ආබාධිත කළැයි අත්හිටවු සිරදඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර )
 
ක‍්‍රිකට් ක‍්‍රීඩා කරමින් සිටියදී ඇති වු කතා බහක් හේතුවෙන් මිතුරු සිසුවකුට ක‍්‍රිකට් පිත්තකින් පහරදී සදාකාලිකව ආබාධිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් තරුණයකුට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා එම දඬුවම වසර 05ක කාලයකට අත්හිටුවීමට නියම කළේය.


මීට වසර 08කට ඉහත පාසල් සිසුන්ව සිටි සමයේදී  සිදු කළ පහරදීමෙන් සදාකාලික ආබාධිත තත්වයට පත්වු තරුණයාට රුපියල් ලක්‍ෂ 06ක වන්දි මුදලක් ගෙවීමටද නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල වාරික තුනකින් ගෙවීමට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල මුතුමුදලිගේ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.