(සනත් ගමගේ)
හම්බන්තොට වරායේ චින සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට විරෝධය පළකරමින් අම්බලන්තොට දී ඉකුත් ජනවාරී 07 වැනිදා පැවැත්වූ විරෝධතාව සම්බන්ධ නඩුවේ පිටු 1200 කින් යුත් නඩු වාර්තාව පරිශීලනය කරමින් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(18) ඉල්ලුවේය.
ඒ සඳහා දීර්ඝ නඩු දිනයක් ලබා දෙන ලෙස ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ කසුන් සරත් චන්ද්‍ර මහතා හම්බන්තොට මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල කරණාරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ද මෙයට විරෝධය පළ නොකිරීම නිසා නඩු විභාගය නොවැම්බර් මස 27 වැනි දාට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

