පිටරැටියෝ 9000ක් මෙරටේ සැප ගන්න ඇවිත්


( තිළිණි ද සිල්වා )

මෙම වසරේ ගත වූ මාස තුනක කාලය තුළ සංචාරකයන් 9000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව පසුගිය ජනවාරි 21 වැනිදා සිට එම මාසය තුළ සංචාරකයින් 1,682 දෙනකුද , පෙබරවාරි මාසයේදී සංචාරකයන් 3,366 දෙනකු ද මාර්තු මාසයේ තවත් 3000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයිද අමාත්‍යවරයා කියයි.

ලබන මැයි මාසෙ වනවිට ජර්මනිය ,චීනය ඒ වගේම ඉන්දියාව, යුරෝපයේ රටවල් සහ ලෝකයේ අනෙකුත් රටවල සංචාරකයින්ට ලෝකය විවෘත කිරීමත් සමගම මෙම සංචාරකයන් ප්‍රමාණය වැඩි වේ යැයි අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.