(මහින්ද නිශ්ශංක)
රේගු වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළඳුන්ට සිදුව තිබෙන විශාල පාඩුව හා රජයෙන් කඩිනම් සහනයක් සහනයක් ඉල්ලා පිටකොටුව තොග වෙළඳසැල් 5 වැනි දා වසා දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනකරුවගේ සහ තොග වෙළඳන්ගේ සංගමයේ මහ ලේකම් ජී ඉලමනාදන් මහතා පැවැසීය.
සංගමයේ විධායක සභාව ඊයේ (2) රැස්වී මෙම තීරණයට එළැඹි බව ද ඒ මහතා කීය.
රේගු වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා සංගමයේ සාමාජිකයන් ඇණවුම් කළ සීනි පරිප්පු, අල ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් විශාල ප‍්‍රමාණයක් වරායේ හිරවී තිබෙන බැවින් ඉදිරි දින කීපයේ දී පිටකොටුව තොග වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති විය හැකි බවද ලේකම් ඉලමනාදන් මහතා පැවසීය.
මේ වනවිට වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 400 ක් 500 ක් පමණ හිරවී තිබෙන බව පැවසු ඒ මහතා රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම වෙළඳුන්ට කඩිනම් සහනයක් ලබා දෙන ලෙස යැයි ද ප‍්‍රකාශ කළේය.
මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිසා භාණ්ඩ කන්ටේනර් නිදහස් කිරීම විශාල ප‍්‍රමාදයකට ලක්ව ඇති බවත් ප‍්‍රමාද ගාස්තු සහ අමතර ගාස්තු ගෙවීමට තිබෙන බැවින් සිදුව තිබේ.
තමන්ට සිදුව ඇති විශාල පාඩුව පාරිභෝගිකයා පිට පැටවීමට සිදුවන බවත් මේ නිසා භාණ්ඩවල මිල වැඩි වීමක් ඇතිවිය හැකි බවත් හෙතෙම කීය.

