අලුත්ගම සහ බේරුවල පසුගියදා සිදු වු ගැටුම්කාරි තත්ත්වයට විරෝධය පාමින් කොළඹ බොහෝ පෙදෙස් වල සියලු මුස්ලම් කඩ සාප්පු වසා දමා තිබෙනු දැක ගත හැකි විය.
අලුත්කඩේ, කොම්පඤ්ඤවීදිය, මරදාන,කොටුව, පිටකොටුව ඇතුළු නගර බොහෝමයක මුස්ලිම් කඩ සාප්පු වසා දමා තිබු අතර එයට සහාය දක්නමින් දෙමළ සහ සිංහල කඩ සාප්පු කීපයක්ද වසා දමා තිබෙන අයුරු දැක ගත හැකි විය.
පිටකොටුව ප්‍රධාන වීදිය, පළමු,දෙවන හරස් වීදියන්ද වෙනදාට අතුරු සිදුරු නැතිව පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරි ගියද අද එම වීදි ඉතා පාළු ස්රූපයක් ගැණුනු අතර කඩ සාප්පු සේවකයෝ මහ පාරේ ක්‍රිකට් ගැසුහ.

