පිඑස්ඩීය දිසාපතිටත් ඉහළින් යයි


අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කමිටු රැස්වීම වාර්තා කිරිමට එහි ගිය ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ජනපති ආරක්ෂ අංශ  මුලින් එහි ඇතුළු වීමට අවසර නොදුන්නේය.

අනුරාධපුර දිසාපති ඩී.පි.ජි.කුමාරසිරි මහතාගේ ආරාධනය අනුව ප්‍රධාන ආයතන රැසක ප්‍රාදේශිය මාධ්‍යවේදිහු එහි පැමිණ සිටියහ.

පැය එකහමාරකට පසුව ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ඇතුළු විමට අවසර ලැබුණේ ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ දැනුම් දීමකින් අනතුරුව බව ඔවුහු පවසති.