රජයේ මහජන ආධාර මුදල් රුපියල් දාහතර ලක්‍ෂයකට වැඩි මුදලක් වංචා කළැයි මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුදල් අයකැමිවරිය ගම්පහ පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තැපැල් කාර්යාල වලින් මාසික ආධාර ගෙවීමෙන් ඉතිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට එවු මුදල් වසර තුනක කාලයක් පුරා වංචා කළ බව පෙනේ යැයි ගම්පහ දිසාපති ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

