පි.එච්.අයි රුපියල් 5000 තනතුර පාවා දෙයි


(ජේ.ඒ.එල්. ජයසිංහ සහ චමිල් රූපසිංහ)

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම රෝහල් පරිශ්‍රයේ පිහිටි ආපන ශාලවේ  හිමිකරුගෙන් රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ගනින්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 

පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි  මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආපන ශාලාව පවත්වාගෙන යන හිමිකරුගෙන් වරින්වර මුදල් ලබාගන්නා බවත් ඔහු විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.