පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්


(ආරියරත්න රණබාහු)

පළාත් සභා සීමා නිර්ණ සමාලෝචන කමිටුවට සීමා නිර්ණ කමිටුවේ සභහපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කමිටු සමාජිකයන්  ලෙස පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පැෆරල් සංවිධානය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පළාත් සභා සීමා නිර්ණ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවීම නිසා ඒ පිළිබඳව නැවත සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර ඒ සඳහා කමිටු සමාජිකයන් ලෙස සීමා නිර්ණ කමිටුවේ සභාපතිවරයාත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාත් පත් කිරීම උචිත නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.