(ඉන්දිකා රාමනායක සහ ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය)
මඩකලපුව පුදුර් ප‍්‍රදේශයේ දී පෙරේදා (4) පෙරවරුවේ රථවහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට පිරිසක් පහර දී එක් පොලිස් නිලධාරියකු සතු තිබී පැහැරගත් රාජකාරි රිවෝල්වරය ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක දමාගොස් තිබියදී අද (5) පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
පුදුර් සිද්ධිය වූ ස්ථානයට මීටර් 10-15 ක් පමණ දුරින් මෙම ගිනි අවිය දමාගොස් තිබියදී ලැබුණු තොරතුරක් මත සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගිනි අවිය සොයා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කරමින් සිටින අතරේ කිසිවකු මෙම ගිනි අවිය මෙම ස්ථානයට දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පැහැර ගත් ගිනි අවිය ප‍්‍රදේශයේ ළිඳකට දමා ඇති බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය ප‍්‍රදේශයේ ළිං කිහිපයක් පරීක්ෂාවට ලක්කළ බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රාජකාරියට බාධා කිරීම හා රාජකාරි ගිනි අවිය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයේ දී හෙළි වූ තොරතුරු අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරමින් පසුවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කොස්තාපල්වරුන් දෙදෙනා පෙරේදා පෙරවරුවේ පුදුර් ප‍්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී බලපත‍්‍ර නොමැතිව හා ආරක්ෂික හිස්වැසුම් නොමැතිව ගමන් ගත් යතුරු පැදියක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන මඩකලපුව පොලිසිය වෙත රැගෙන එමින් තිබිණි. එම අවස්ථාවේ වෙනත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ ගමන බාධා කරමින් ගමන් කරමින් සිටියදී එය යතුරු පැදිය අනතුරට ලක්ව පෙරලී තිබුණි.
එම යතුරු පැදිය එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාත් සමග පෙරලීමත් සමග එම ස්ථානයේ සිටි පිරිසක් දිව විත් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති බව පොලිසිය කියයි.
පිරිස පහර දෙන අතර තුර එහි සිටි පුද්ගලයෙක් පොලිස් කොස්තාපල්වරයකු සතුව තිබූ රාජකාරි ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බව කියයි.
පහර කෑමෙන් තුවාල වු පොලිස් නිලධාරීහු හා යතුරු පැදිය පෙරලීමෙන් තුවාල ලැබූ දෙදෙනා ද මඩකලපුව රෝහලයට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් පසුවෙති.
මඩකලපුව මුලස්ථන පොලිස් පරීක්ෂක දයාල් දීගහවතුර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
ඡායාරූප - ටි.එල්.ජව්ෆර්ඛාන්




