පැරීසියේ සමාධි කඨින පිංකම 10 වැනිදා


පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බ 10 වැනි දා උදෑසන 10 ට ආරම්භ වීමට නයමිතය.

විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරාධිපති මාරතුගොඩ උපරතන  , ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේණාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද  , ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බෞද්ධ විහාරාධිපති  හල්යාලේ විමලරතන   , එම විහාරවාසි අනුරාධපුරයේ   සුමණරතන , පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය වෑතර මහින්ද , මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය උඩුගම සුදස්සි , ගම්පහ විද්‍යාවංශ පිරිවෙනේ ආචාර්ය විලච්චියේ කස්සප , දළුපිටියේ ශ්‍රී සත්‍ය සිංහාරාමයේ විහාරාධිපති කිරිමැටියාරේ සිරිධම්ම , වැලිවේරියේ ශ්‍රී නාග පිරිවෙන්වාසි විමල , යුරෝපයේ ප‍්‍රධාන සංඝ නායක ඔස්ටි‍්‍රයාවේ වියානා බෞද්ධ විහාරාධිපති හා වියානා විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබද ආචාර්ය විජයරාජපුර ශීලවංශ  , වැල්ලව පුදනාපිටිය රජමහා විහාරාධිපති කුරුණෑගල චන්ද්‍රවංශ , ජර්මනියේ ප‍්‍රැන්ක්ප‍්‍රට් බෞද්ධ විහාරයේ අස්සජි , කිරින්දේ ධම්මාලෝක , මියුනිච් බෞද්ධ විහාරයේ කන්නිමහර පියසිරි , ජර්මනියේ සෙන්ට්ගාලන් හී ශ්‍රී ලංකා මහා විහාරාධිපති ශාස්ත‍්‍රපති ලේඩියන්ගල සුදස්සී යන හිරුවරුසහභාගී වෙති.

දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද , අනතුරුව සවස පවත්වන අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන්වේ.