පැරීසියේ ගෑස් කාන්දුවකින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 4 ක් මේ වන විට සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුන් බුන් අතර තීබි අද (13) කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ සිරුරු සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
පැරිස් නගර මධ්‍යයේ බේකරියක් අසළ ඊයේ (12) පෙරවරු 9 ට පමණ දැවැන්ත පිපිරීමක ශබ්දයක් සමඟ මෙම ගෑස් කාන්දුව සිදුවී පසුව ගින්නක් හට ගෙන තිබිණි.
ගිනි නිවන භටයින් දෙදෙනකු සහ ස්පාඤ්ඤ ජාතික සංචාරකයකුද මිය ගිය අය අතරට අයිති වන අතර පිපිරුම් ස්ථානයේ ගොඩනැගිලේ බොහෝ පිරිසක් තුවාල ලැබීය. එමෙන්ම අසල නිවාස රැසකටද හානි සිදු වී තිබේ.
මෙම පිපිරීමෙන් 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර 150 ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කර තාවකාලික නවාතැන් පහසුකම් සලසා ඇතැයි කියති.
ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයිද වාර්තා වේ.
(36698)