ප්‍රංශයේ පැරණිම ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල ලබන ඉරිදා (14) පැරීසියේ කළාප අංක 20 හි පිහිටි ලූවි ලූමියෙර් ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට නියමිතය.
බක්මහ උළෙල අවසානයේ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වෙන බව සභාපති රංජිත් කුලතුංග (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂක) මහතා කීවේය.


