පැරිසියේ අවුරුදු මහ ඉහළින්


පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ  අලුත් අවුරුදු උත්සවය ලකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාණුකූලව හිසතෙල් ගෑමෙන් පසුව වැඩිහිටියනට බුලත් හුරුළු දී අවුරුදු සංග්‍රාහ කටයුතුවලින් උත්සවයේ කටයුතු ආරම්භ විය. අලංකාර සංස්කෘතික ප්‍රසංගයක් ද පැවැත්විණි. විහාරාධිපති කෝ. ආනන්ද හිමියෝ ඇතුලු මහා සඟරුවන ද, ලකුනාරව් නගරාධිපතිවරයා ද, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ හඳ මාමා වැඩ සටහනේ නිර්මාතෘ සුමන ජයතිලක මහත්මිය ද, ඇතුළු  ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.