පැරිසිය පිළිකා රෝගීන්ට පිහිටවේ


ප‍්‍රංශයේ පැරිස් නුවර, ප‍්‍රංශ ශ්‍රී ලංකා සුභසාධන සංගමය සංවිධානය කළ ශ්‍රී ලාංකික සහජ කුසලතා සංගීත සැදැවෙන් ලද ලාභ මුදලින් රුපියල් ලක්ෂ 6 ක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය ප‍්‍රමාණයක් මහරගම පිළිකා රෝහලට පසුගියදා පරිත්‍යාග කැරිණි.

ප‍්‍රංශ ශ්‍රී ලංකා සුභසාධන සංගමයේ සංවිධායක මැක්සි සිල්වා, භාණ්ඩාගාරික ප‍්‍රසංග සිල්වා, උප සභාපති හේමින්ද විජේරත්න, කාරක සභික රොෂාන් කිරිඇල්දෙනිය සහ නිමල් අතුකෝරල මහත්වරු විසින් ශල්‍ය වෛද්‍ය කණිෂ්ක ද සිල්වා මහතාට එම බෙහෙත් ද්‍රව්‍ය ප‍්‍රමාණය භාර දෙන ලදි.

ඉදිරියටත් ශ්‍රී ලංකාවේ පිලිකා රෝගීන්ට ඇප උපස්ථාන කිරීම තම සංවිධානයේ අරමුණ බවත් ඒ සදහා මහරගම පිලිකා රොහලේ වෛද්‍ය කණිශ්ක ද සිල්වා මහතාගේ  උපදෙස් සමග කටයුතු කරන බවත් සංගමයේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා එසැණට පැවසීය.