දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දෙමළ දේශපාලඥයින් සහභාගීව සිටි හමුවකදී ඇතිවූ කළහකාරී තත්ත්වයක් පොලිසිය මැදිහත්ව සමථයකට පත්කර ඇති පුවතක් ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වේ.
පැරිස් මාධ්‍ය වාර්තා වලට අනුව දෙපාර්ශවය අතර අදහස් හුවමාරුව ගුටිබැටි හුවමාරුවක් දක්වා දුරගොස් ඇත.එය සමථයකට පත්කර ඇත්තේ පොලිසියයි.
පැරිස් නුවර අවන්හලකදී මෙම හමුව පැවැත්වී තිබෙන්නේ ජීනිවාහිදී සම්මතවූ ශ්‍රීලංකාව පිළිබද යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු වන සෙල්වන් අඩෙයිකලනාදන්,ජී.කවීන්ද්‍රන්,සහ එම පක්ෂයේම පළාත් සභා මන්ත්‍රීවරු වන එන්.කේ.සිවාජිලිංගම්, සහ ගෝවින්දන් කරුණාකරන් මෙම හමුවට සහභාගීව සිට බව කියති.
හමුව පැවැත්වෙමින් තිබූ අතරවාරයේ අවන්හලට කඩාවැදී ඇති තරුණයින් 50 දෙනෙකුගේ පමණ සමන්විත කණ්ඩායමක් යුද අපරාධ විමර්ශනය කිරීමට අන්තර්ජාතික විමර්ශනයක් අවශ්‍ය බව කියමින් සිට,දැන් දේශීය යාන්ත්‍රණයකට කැමැත්ත පළ කරන්නේ මන්දැයි දෙමළ දේශපාලඥයින් පිරිසගෙන් විමසා ඇත.
ඔවුන් මෙසේ විදෙස් සංචාරයේ යෙදෙනුයේ තමන් ඇතුළු දෙමළ ඩයස්පෝරාව පක්ෂයට ලබාදෙන මුදලින් යැයි කියා ඇති තරුණ පිරිස දෙමළ ජතනාවගේ අරමුණු වලට පටහැනිව කටයුතු කරන බව කියමින් දේශපාලඥ පිරිසට චෝදනා කර තිබේ.

