පැරිස් වෙසක් පිංකමට මහා පිරිසක්


ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික වෙසක් පිංකම දින දෙකක් පුරා පැවැත්විණි.

පැරිස් නගරයේ බුවා ද වැන්සන්හි පිහිටි බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී  පැවැත්වුණ මෙම පිංකමට භික්ෂුන් වහන්සේ 10 නමක් වැඩමකර සිටියහ.

උන්වහන්සේ විහාරස්ථාන භුමියේ සංකේතාත්මකව පිඩුසිඟා වැඩියහ. පිණ්ඩපාත දානය පිළිගැනීම උදය කාලයේත් වෙසක් පින්මක සවස් භාගයේත් පැවැත්විණි.

 වෙසක් පින්කමේදී තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙසත්තැ ඥාණ වෙනුවෙන් සංවිධානය කරන ලද ඥාණ පුජාව විවිධ ජාතික සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ බොදු බැති ගී සංදර්ශනයක් ඉදිරිපත් කළහ

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ  බෝදාගම චන්දිම හිමි, මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක හිමි සහ  මිහින්තලේ සෝමානන්ද හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හත් නමක්ද ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී  මාපලගම ජිනානන්ද සහ  වජිර හිමියෝ ද සහභාගී වුහ.