යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව සංගීත ප‍්‍රසංගය ලබන ඉරිදා (26) සවස 03 ට පැරීසියේ කලාප අංක 20 හී රූ ඬේ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වීමට නියමිතය.
ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය ප‍්‍රංශය යන රටවල ජනප‍්‍රිය ශ්‍රී ලාංකික ගායක ගායිකාවෝ එදිනට ගී ගයති. ශාලාවට ලගා විය හැකි පහසුම උමංදුම්රිය පොළ හා විදුලි බසයේ නැවතුම ෆෝර්ට් ඩෙ බැනියොලේ වේ.